ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම
ක්ෂුද්‍ර මුල්‍ය මෘදුකාංගය

ක්‍රෙඩිබල් සමග ඔබගේ ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයේ මෙහෙයුම් කටයුතු මනා විනිවිදභාවයකින් සහ විධිමත් ලෙස කරගන්න.

ක්‍රෙඩිබල් හා සබැඳි ගනුදෙනුකරුවන්

ඔබ ක්‍රෙඩිබල් තෝරාගත යුත්තේ ඇයි?

ක්ලවුඩ් හරහා මෙහෙයවීම

ඔබගේ ණය ගැනුම්කරුවන් ප්‍රමාණය වැඩි වීමත් සමඟ ක්‍රෙඩිබල් ක්ෂුද්‍ර මූල්‍ය
පද්ධතියටද එයට අනුගතව ඔබට සේවය ලබා දීමට ඇති හැකියාව

ඩිජිටල්කරණය

මෙමඟින් ඔබගේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරගත හැකිය. ක්‍රෙඩිබල් මොබයිල් ඇප්ලිකේෂනය මඟින් ක්ෂේත්‍ර නිලධාරීන්ට විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට හැකියාව ලැබේ

කළමනාකරණ උපකරණ පුවරුව

තත්කාලීන තොරතුරු ඇසුරෙන් වේගවත් සහ දැනුවත් තීරණ ගැනීමට කළමනාකාරීත්වයට සහය වේ

ඒකාබද්ධ ගිණුම්කරණය

ක්‍රෙඩිබල් ක්ෂුද්‍ර මූල්‍ය පද්ධතිය මඟින් ලබාදෙන ඇතුළත් කිරීම්වලට අදාළව සියලුම මූල්‍ය වාර්තා සකසා දෙයි. මෙමඟින් භාවිත වන කඩදාසි ප්‍රමාණය අවම වේ

තනි පුද්ගල සහ කණ්ඩායම් කළමනාකරණය

තනි හෝ කණ්ඩායම් වශයෙන් වන ගනුවදනුකරුවන්වේ ක්‍රමවේදයන් සඳහා සම්පූර්ණයෙන්ම ක්‍රෙඩිබල් ක්ෂුද්‍ර මූල්‍ය පද්ධතිය සහය දක්වයි

ණය කළමනාකරණය

පහසුවෙන්ම ණය නිකුත් කරන අතර ණය දීමට අදාළ සියලු ලියකියවිලි ක්ෂණිකව
ක්‍රෙඩිබල් ක්ෂුද්‍ර මූල්‍ය පද්ධතිය මඟින් සකසා දෙයි

සියුලුම අංගයන් ගැන දැන ගැනීමට අවශ්‍යද?

ක්‍රෙඩිබල් ඔබට සහය වන්නේ කෙසේද?

ක්‍රෙඩිබල් මඟින් කාර්යක්ෂමතාවය ඉහළ දමයි. වියදම් අවම කරයි. එමෙන්ම ක්ලවුඩ් මත පදනම් ක්ෂුද්‍ර මූල්‍ය
පද්ධතිය මඟින් නව නිෂ්පාදන ඉතාමත් පහසුවෙන් හඳුන්වා දීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. ක්‍රෙඩිබල් ක්ෂුද්‍ර
මූල්‍ය පද්ධතිය මඟින් ඔබගේ ව්‍යාපාරයට නව හැඩයක් ලැබේ. මෙය සාඩම්බර ලාංකීය නිෂ්පාදනයකි.

අපගේ ක්‍රෙඩිබල් ඇප් පත මඟින් ණය මුදල් එකතු කරගැනීමේ කටයුතු පහසු කරයි

ක්‍රෙඩිබල් ඇප් පත භාවිතය මඟින් ශාඛාවේ සමාජිකයන්ට සහ කළමනාකරණයට ණය එකතු කිරීම් පිළිබඳව තත්කාලීන තොරතුරු ලබා ගත හැකිය. ඇප්පත ඔන්ලයින් සෙ ඕෆ්ලයින් යන දෙආකාරයෙන්ම භාවිත කළ හැක. මේ නිසා ක්ෂේත්‍ර නිලධාරීන්ට සීමිත ආවරණයක් සහ සීමිත සන්නිවේදන පහසුකම් ඇති ප්‍රදේශයන්හීදී පවා ඇප් පත භාවිතා කිරීමේ පහසුව ලැබේ. ණයගැතියෙකු යම් ගෙවීමක් කළ විට බ්ලූටූත් හරහා මුද්‍රණ යන්ත්‍රයක් හා අදාල මෙවලම සම්බන්ධ කර ඒ ගෙවීම සඳහා රිසිට් පතක් නිකුත් කළ හැකිය. මෙම ඇප් පත චෙක් ගනුදෙනු සඳහාද යොදාගත හැක. එහිදී නිලධාරියා විසින් චෙක්පතට අදාළ දත්ත ඇතුළත් කරනු ලැබූ පසු එම චෙක්පත ගනුදෙනුව පිළිබඳව ඒ මොහොතේම ක්‍රෙඩිබල් පද්ධතිය මෙහෙයවන්නාට දැනගත හැකිය.

ස්වයංක්‍රීය ගිණුම්කරණය

ක්‍රෙඩිබල් හරහා පුළුල් ගිණුම්කරණ අංගයන් භාවිතයෙන් ඔබගේ ආයතනයේ සියුලුම මූල්‍ය ගිණුම්කරණ කටයුතු ඉතා විධිමත්ව මෙහෙයවනු ලබයි. ස්වයංක්‍රීයව ගිණුම් කටයුතු සිදු කරගැනීමේ හැකියාව මඟින් කළමනාකාරීත්වයට අවශය පරිදි ගිණුම්කරණ වාර්තා ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.

තථ්‍ය කාලයේදීම වාර්තා සකසා දීම

ක්‍රෙඩිබල් නිසා මිනිස් ශ්‍රමය යොදා (මැනුවල් ක්‍රමයට) මූල්‍ය වාර්තා සැකසීමේදී සිදු වන කාලය අපතේ යෑම වළක්වා ඒ මොහොතට ආදාළ මූලය තොරතුරු ලබා ගැනීමට මෙන්ම ප්‍රමීතීන්ට අනුව අවශ්‍යතාවය පරිදි මූල්‍ය වාර්තා සකසා ගැනීමේ හැකියාව ලැබේ.

ආරක්ෂාව සහ දත්ත ගබඩා කිරීම

ඔබ කොහේ සිට ක්‍රෙඩිබල් ආරක්ෂණ දත්ත සහ දෛනික දත්ත ගබඩා පරිහරණය කළත් ඔබගේ වැදගත් සහ ව්‍යාපාර සංවේදී දත්ත නැති වී යාමේ හෝ මැකී යාමේ අවදානම පිළිබඳව ඔබ තැවෙන්නට අවශය නොවේ.

මෙහෙයුම් කළමනාකරණයට සහය වේ

ව්‍යාපාරයේ ඉතාමත් වැදගත් තොරතුරු කරා ළඟා විය යුත්තේ කවුද, ඒ දත්ත පරිහරණය නොකළ යුත්තේ කවුදැයි යන්න පිළිබඳව ඇඩ්මින්වරයාට අවශ්‍ය ලෙස පාලනය කිරීවම් නියමයන් ලබා දිය හැක.

ක්‍රෙඩිබල් මඟින් ඔබගේ ව්‍යාපාරය පෙරමුණ කරා මෙහෙයවයි.

ක්‍රෙඩිබල් මඟින් ඔබගේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයට අරමුණු කරා ළඟා වීම පහසු කරවයි. ණය ආවරණය වැඩි කර
ගැනීම, මිනිස් ශ්‍රමයෙන් කළ යුතු කාර්යයන් අවම කිරීම සහ ඒ කාර්යයන් පහසු කිරීම මෙමඟින් සිදු කරයි.